කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටියදී අනතුරට ලක්වූ කුසල් ජනිත් පෙරේරා ප්රතිකාර රෝහල් ගත කිරිමෙන් පසු ඉන් පිටව ගොස් තිබෙනවා.
--------------------------
26-06-2018 09:20
අනපේක්ෂිත අනතුරකට ලක් වූ කුසල්ට ස්කෑන් පරීක්ෂණයක්
කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටියදී අනතුරට ලක්වූ කුසල් ජනිත් පෙරේරා ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා.
උඩ පන්දුවක් රැක ගැනීමට උත්සහ කිරිමේදී කුසල් ජනිත් ඒ අසල සවි කර තිබූ දැන්වීම් පුවරුවක් මතට ඇද වැටී මෙම අනතුරට ලක්වුණා.
අනතුරුව ඔහු ගිලන් රථයක් ආධාරයෙන් රෝහල් ගත කෙරුණා.
-------------------------------
පිටිය මැද කුසල්ට අනපේක්ෂිත අනතුරක් - වහාම රෝහල් ගත කෙරේ (VIDEO)
(26-06-2018 06:21)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ පන්දු රකිමින් සිටියදී ශ්රී ලංකා වේලාවෙන් අද (26) අලුයම ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා අබාධයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ 2 වන ඉණිමේදී දිල්රුවන් පෙරේරා ගේ පන්දුවකට Shannon Gabriel විසින් ලෝන්ග් ඔන් කලාපයට ඉහලින් එල්ල කළ පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට උත්සහ කිරීමේදී කුසල් ජනිත් පෙරේරා ඒ අසල සවිකර තිබු දැන්වීම් පුවරුවක් මතට ඇද වැටීමෙන් මෙම හදිසි අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස ඇද වැටුනු කුසල් පෙරේරාව ගිලන් රථයක් මගින් රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා.