Friday, May 3, 2024

General line - 0115112241

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අතනොහැරි බවට සාක්ෂි ලැබෙයි




උතුරු කොරියාව යළිත් සිය න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වෙමින් ඇතැයි  න්‍යෂ්ටික නිරීක්ෂකයින් පිරිසක් අනාවරණ කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ චන්ද්‍රිකා මගින් ලබා ගත් උතුරු කොරියානු දර්ශන විමසා බැලීමකින් පසු මේ බව අනාවරණ කර ඇති බවයි.

ඒ අනුව උතුරු කොරියාවේ පිහිටි යුරේනියම් බලාගාරයක සහ තවත් ස්ථාන කිහිපයක අදාළ මෙහෙයුම් සිදු කෙරමින් ඇතැයි ඔවුන් පවසනවා. මෙම වාර්තාව පළ වුණේ සිය න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම් අත්හිටුවන බවට උතුරු කොරියාව ප‍්‍රතිඥාවක් ද ලබා දී ඇති පසුබිමක් තුළයි.