Tuesday, May 21, 2024

General line - 0115112241

Capital Gazette කාර්යාලයේ වෙඩි තැබීමේ සිදුවීමට ෆේස්බුක් සම්බන්ධයි (PHOTOS/VIDEO) (UPDATE)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ Capital Gazette පුවත්පත් කාර්යාලයට වෙඩි ප්‍රහාර එල්ල කළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ අනන්‍යතාවය මේ වන විට හදුනාගෙන තිබෙනවා. 

පොලිසිය පවසන්නේ 38 හැවිරිදි Jarrod W. Ramos විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. මෙම සාහසික ක්‍රියාව කිරීමට ඔහු පෙලඹවී ඇත්තේ 2011 වසරේදී Capital Gazette පුවත්පතේ ඔහු පිළිබඳව පළකර තිබු ලිපියක් හේතුවෙන් බවයි මේ දක්වා සිදුකල කරුණු වලින් අනාවරණය වී ඇත්තේ.

ඒ  Jarrod W. Ramos විසීන් සිය ෆේස්බුක් ගිණුම හරහා කාන්තාවන් රවටන බවට චෝදනා කරමින්  Capital Gazette පුවත්පත 2011 වසරේදී පුවතක් පළකර තිබෙන අතර ඒ හේතුවෙන් මොහු අදාළ පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදීන් සමග කෝපයෙන් පසුවී තිබෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

........................................................................................................................................................................................................................................................

මාධ්‍ය ආයතනයක වෙඩි තැබීමක් : පුද්ගලයින් 5ක් මරුට 

(29-06-2018 03:12)

අමෙරිකාවේ, Maryland හි පිහිටි  Capital Gazette පුවත්පත් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේදී තුවක්කුකරුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. කෙසේ වුවත් තුවාල ලැබූ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමට යම් කාලයක් ගතවනු ඇති බව ඔවුන් සඳහන් කරනවා.

වෙඩි තැබූ තුවක්කුකරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ අනන්‍යතාවය මේ දක්වා හෙළි කිරීමට පොලිසිය කටයුතු කර නැති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.

 මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව අමෙරිකාවේ මාධ්‍ය ආයතන සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව CNN පුවත් සේවය සඳහන් කරනවා.