පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනතාවට උපරිම සහන සැලසීමට ආණ්ඩුව සෑම විටම සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. ලෝක වෙළද පොළේ මිළ ගණන් සැලකිල්ලට ගෙන ගෑස් මිළ ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 138 කින් අඩු කිරීමට තීරණය කළේ ඒ අනුව බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ දිවයින පුරා ගෑස් අළෙවි සැල් අද සිට ස්ථානීය පරීක්ෂාවකට ලක් කරන ලෙස සිය දිස්ති‍්‍රක් කාර්යාලවලට දැනුම් දී ඇති බවයි. නව මිළ ගණන් යටතේ ගෑස් අළෙවි නොකරන වෙළදුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න නෙත් නිවුස් වෙත කියාසිටියා.
------------------------------------
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට
29-06-2018 17:15
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 138 කින් පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක කොළඹ දිස්ත්‍රික්කය තුල නව මිල වන්නේ රු. 1538 කි.
පසුගිය් අප්‍රේල් 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 245 කින් මිල ඉහල ගියා. ඉන් මාස 02 කට පසුවයි අද දිනයේ ගෑස් මිල පහත දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම් සඳහා නියෝග කරනු ලැබුවා.