මාතර නගරයේ ස්වර්ණාභරණ අළෙවි සැලක ඉකුත්දා සිදුවූ කොල්ලයේදී පැහැරගෙන ගොස් තිබූ රන් භාණ්ඩ තොගයක් පොලීසිය විසින් අද (29) සොයාගනු ලැබුවා.
කොල්ලකෑමට පැමිණි හබරකඩ වසන්ත නමැත්තාගේ හිතවතෙකුගේ නිවස ඉදිරිපිට වළ දමා තිබියදී එම රන් භාණ්ඩ සොයගෙන තිබෙනවා. රන් මාල 74 ක් එලෙස වළ දමා තිබියදි සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.