Wednesday, May 22, 2024

General line - 0115112241

ඉස්ලාම් ත්‍රස්තවාදීන් 13 කට එරෙහිව ඉරාකය මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරාක අගමැතිවරයාගේ නියෝගය මත ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටි ඉස්ලාමිය අන්තවාදීන් 13 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

BBC පුවත් සේවය සඳහන් කරන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් ප්‍රාණ ඇපයේ තබා ගෙන සිටි ඉරාක වැසියන් 8 දෙනෙක් ඝාතනය කිරීම හේතුවෙන් ඉරාක අගමැතිවරයා මෙම නියෝගය ඉකුත් 28 වනදා නිකුත් කර ඇති බවයි.

ත්‍රස්ත ක්‍රියාවන්ට ආධාර අනුබලදීම ත්‍රස්ත සංවිධාන වලට සම්බන්ධව සිටි පුද්ගලයින් 600 කට අධික පිරිසක් මේ වන විට ඉරාකයේ බන්ධනාගාර වල සිරකර සිටින අතර ඒ අතරින් බහුතරයකට ඔවුන්ගේ අපරාධ සම්බන්ධයෙන් පැවති නඩු විභාග වලින් මරණ දඬුවම නියම වී තිබෙනවා.

මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඉදිරියේදී ඉරාක රජය විසින් මෙම සියලු ත්‍රස්ත සැකකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

 මෙලෙස මරණ  දඬුවමට නියමුවන් අතර විදෙස් ජාතිකයින් විශාල පිරිසක්ද සිටින බවයි වාර්තා වන්නේ.