පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ පරාජය පිළිබද කතිකාව වෙනතකට යොමුකිරීමේ අරමුණින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙනආ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. "රටට හතුරු විස්ස එපා" යන මැයෙන් මහනුවර ඊයේ (29) පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.
මෙහි සැබෑ පියා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේම අය පවා මේ පිළිබඳව වෙනස් ආකාරයට දකින බවයි ඔහු පෙන්වා දුන්නේ.
ආණ්ඩුව තුළ රැඳී සිටින ඇතමුන් පවා විසිවන සංශෝධනයට විරුද්ධ බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී අදහස් දැක්වූවා
රට රකින ජනපවුර සංවිධානය වෙනුවෙන් රැස්ව සිටි පිරිස පිළිගැනීම ජානිපෙ නියෝජ්‍ය ලේකම්, හිටපු මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස විසින් සිදුකරන ලදී