හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉකුත්දා ලිපියක් පළ කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අවස්ථා ගණනාවකදී අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති බව විවිධ පාර්ශව පෙන්වා දෙනවා. අමෙරිකාවේ දිගු කලක සිට රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයෙකු නෙත් නිවුස් වෙත ඒ පිළිබද කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.
"මෙහේ නිව්යෝක් ටයිම්ස් වොෂින්ටන් පෝස්ට් එල්.ඒ ටයිම්ස් ඔය ඔක්කොම අසත්‍ය ප්රවෘත්ති පලකරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරද්දිම කිව්වේ මාධ්‍යකරුවන් විශ්වාස කරන්නේ නැහැ කියලයි. මට කියන්න තියෙන්නේ මේ පත්තර හැම එකම ඇත්ත නෙවෙයි කියලයි."
මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතු සදහා චීනයෙන් මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එල්ල කළ චෝදනා චීනයද ප්‍රතික්ෂේප කළා. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු ප්‍රධානියා පැවසුවේ එම පුවත්පත ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බවයි. එමෙන්ම එහි තොරතුරු පක්ෂපාතී මෙන්ම නිවැරදි නොවන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
සම්පූර්ණ හඬපටය පහතින් අසන්න