රත්මලාන ප්‍රදේශයේදී ඉකුත්දා යුද හමුදා කෝප්රල්වරයෙකුට වෙඩි තබා තුවාල කිරීම පාතාල සාමාජිකයෙකු විසින් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවි ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ කෝප්‍රල්වරයා තරුණියක් සමග පේ‍්‍රම සබදතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. එම තරුණිය පාතාලයට සම්බන්ධ තවත් අයෙකු සමගද පේ‍්‍රම සබදතාවක් පවත්වා ඇති බවටයි අනාවණ වී ඇත්තේ. එම පාතාල සාමාජිකයා තරුණිය සමග ඇති සබදතා නවත්වන ලෙස අදාළ කෝප්‍රල්වරයාට බලපැම් කර තිබෙනවා.
එහෙත් ඔහු එම සබදතාව අත්නොහැරීම හේතුවෙන් වෙඩි තැබිම සිදුවී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.