Friday, January 10, 2025

General line - 0115112241

තැපෑල අකුරට වැඩ කිරීමෙනුත් ඉවතට

දිල්ෂාන් තුෂාර




සිය වැඩවර්ජනය හේතුවෙන් සිර වී තිබූ අධික ලිපි ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමින් අකුරට වැඩ කිරිමෙන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයෙන්ද ඉවත් වූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය වැඩවර්ජනය කි‍්‍රයාත්මක වු කාලසීමාව තුළ සිරවී තිබූ ලිපි ලක්‍ෂ 70 ක් පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන අතිකාල සේවාවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයෙන්ද ඉවත් වූ බව චින්තක බණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.

දින 16 ක් පුරා කි‍්‍රයාත්මක වූ තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ ඉකුත් අගහරුවාදා පස්වරුවේයි. ඒ, ජූලි 7 වනදාට පෙර තැපැල් සේවක ගැටළුවලට විසදුමක් ලබාදෙන බවට බලධාරින් එකගතාව පළ කිරීම හේතුවෙන්. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි චින්තක බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළේ.