නීතිවිරෝධී ලෙස නිල් මැණික් කැට 790 ක් රැගෙන මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු භාරයට ගැණුනු මැණික් කැටවල වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.