නැගෙනහිර සහ ඌව පළාත්වලට ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ අද දිනයේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට සිහින් වැසි ඇති විය හැකි බවයි.
ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීයම් හැකියාවක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලවල සිහින් වැසි ඇති විය හැක.
නැගගනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි ගහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.