Friday, January 10, 2025

General line - 0115112241

දැරියගේ ඝාතනයට සැක පිට පවුලේම දෙදෙනෙක් අත්අඩංගුවට




යාපනය සුලිපුරම් ප‍්‍රදේශයේදී සිවනේෂන් රෙජිනා නමැති හය හැවිරිදි දැරිය ඝාතනයට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනෙකු අද (29) මල්ලාකම් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගැණුනේ ඝාතනයට ලක් වූ දැරියගේ මාමාවරුන් වන 17 හැවිරිදි සහ 18 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ බාප්පා කෙනෙකු වන පුද්ගලයෙකුද මීට පෙර අත්අඩංගුවට ගැණුනා. එම සැකකරු ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.