යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05 දෙනකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙසේ මේජර් ජෙනරාල් තනතුරට උසස්වීම් පිරි නමා ඇත්තේ බ්‍රිගේඩියර්වරුන් වන එච් ජී අයි විද්‍යානන්ද, ටී ජේ නානායක්කාර, ඞී එම් ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් ආර් බී එම් දවුලගල 2018 වසරේ මැයි මස 16 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.
බි්රගේඩියර් නිලයේ කටයුතු කළ එස් කේ තිරුනාවුකරසු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත්තේ ඉකුත් මැයි 20 වනදා සිට බලපැවැත්වෙන පරිදියි. ඉකුත් ජුනි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි බි්රගේඩියර් පී ආර් වනිගසූරිය මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා.
මීට අමතරව කපිතාන් නිලයේ කටයුතු කළ 34 දෙනෙකුද මේජර් නිලයට උසස් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවා.