ගෑස් මිල රුපියල් 138කින් අඩු කිරීම හේතුවෙන් ප්ලේන්ටියක මිල රුපියල් 5කින් අඩු කිරීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් එහි ජාතික සංවිධායක අසේල සම්පත් මේ බව කියා සිටියා.
එමෙන්ම එළවළු මිල පාලනයට රජය පියවර ගන්නේ නම් පමණක් බත් පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
..................................................................................................................................................................................................
බත් පැකැට්ටුවට තේ කෝප්පයට සහනයක් ලැබෙන ලකුණු! කාසි නැති නිසා වාසිය දෙන්න බැරි කෑමත් තියෙනවලු
(30-06-2018 12:07)
ගෑස් මිල අඩු කිරීමට රජයගත් තීරණය අනුව කෑම පාර්සලයක සහ තේ කෝප්පයක මිළ අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අවධානය යොමුවි තිබෙනවා. එහි ජාතික සංවිධායක අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ සිය සංගමයේ සාමාජිකයන් අද (30) පස්වරුවේ රැස්වී ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි.
සෙසු ආහාර වර්ගවල මිළ ගණන් අඩු කිරීමට අවධානයක් යොමු නොවන්නේ මන් දැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.
ආප්ප ඇතුළු කෙටි කෑමකින් රුපියල් දෙකක් පමණ අඩු කළ හැකි වුවද කාසි හිඟයක් ඇති බැවින් එම වාසිය ජනතාවට ලබාදීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ