උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව එම පළාත් සභාවේ විපක්ෂ නායක එස් තවරාසා පවසනවා. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් හිටපු පළාත් ප්‍රවාහන සහ ග්‍රාමිය සංවර්ධන අමාත්‍ය පී ඩෙනීෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් සභා විපක්ෂ නායකවරයා කියාසිටියේ සී වී විග්නේෂ්වරන් ලැඡ්ජාවක් ඇති අයෙකු නම් තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි. දූෂණ චෝදනා එල්ල කරමින් පී. ඩෙනීෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහු නියෝජනය කළ ටෙලෝ පක්ෂයේ සාමාජිකත්වයෙන්ද ඉවත් කෙරුණා.