මෙරට පුද්ගලයන් සදහා නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත‍්‍ර ලක්‍ෂ 10 ක් මුද්‍රණය කිරීමට ආගමන විගමන පාලකවරයා විසින් ඇණවුම් කර තිබෙනවා. ඒ, මීට පෙර විදේශ ගමන් බලපත‍්‍ර මුද්‍රණය කළ දේශීය ආයතනයක් වන එපික් ලංකා සමාගමටයි.
පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදෙස් ගමන් බලපත‍්‍ර ලක්‍ෂ 10 ක් මුද්‍රණය කිරීමට අනුමැතිය හිමි වුණා.
දැනට මුද්‍රණය කර ඇති විදෙස් ගමන් බලපත‍්‍ර තොග ක‍්‍රමයෙන් අඩු වෙමින් ඇති බැවින් මෙරට විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු නතර වීමේ අවදානමක් මතුවීම සැලකිල්ලට ගෙනයි එම තීරණය ගනු ලැබුවේ. එවැනි ප‍්‍රමාදයක් ඇතිවීමට හේතු වුණේ නව විදෙස් ගමන් බලපත‍්‍ර මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර යොමුකර තිබූ කැබිනට් පති‍්‍රකාව ප‍්‍රමාදවීමයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නව තොග මුද්‍රණය කිරීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් යොමු කර තිබුණ ද ඊට අනුමැතිය ලබාදීම පසුගිය කාලසීමාවේදී දිගින් දිගටම ප‍්‍රමාද වුණා. මේ පිළිබද මුල්වරට කරුණු අනාවරණ කෙරුණේ නෙත් නිවුස් හරහායි.