මුලතිව්, මුල්ලියාවේලි, කට්ටපුරවේලි ප්රදේශයේ කැළෑවක තිබී වෙඩි වැදී ඝාතනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මුල්ලියාවේලි පොලීසිය පැවසුවේ එම ප්රදේශයේ ජිවත් වූ 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.
මියගිය පුද්ගලයා සතුන් මැරීම සදහා බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන කැළයට ගොස් ඇති අතර අත්වැරදීමකින් එම ගිනි අවිය කි්රයාත්මකවීමෙන් ඔහුට වෙඩි වැදුණේ දැයි පොලීසිය සැක පළ කරනවා.