Friday, January 10, 2025

General line - 0115112241

යාපනයේ සය හැවිරිදි දැරියගේ ඝාතනයට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු රිමාන්ඞ්

මාධව කුලසූරිය




යාපනය සුලිපුරම් ප‍්‍රදේශයේ සය හැවිරිදි දැරිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 11වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ යාපනය මල්ලාකම් මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු ද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඉකුත් 25වනදා මෙම දැරිය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් මවුපියන් කළ සොයා බැලීමකදී ඇගේ මළ සිරුර ළිඳක තිබී සොයා ගැනුණා. පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළි වුණේ ගෙල සිර කර දැරිය ඝාතනය කර ඇති බවයි.