අලූතින් ඉදිකළ යුතු කිලෝ මීටර් 2500ක් වන අලි වැට ඉදිකිරීම ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ කඩිනමින් අරඹන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි තිබෙනවා.
අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. අලි වැටේ නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 දෙනෙකු මේවනවිට යොදවා සිටිනවා.
දිවයින පුරා පවතින කිලෝ මීටර් 4000ක පමණ අලි වැට වෙනුවෙන් එම පිරිස ප්‍රමාණවත් නොවන බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණේ. ඒ අනුව අලි වැටේ ඉදිකිරීම් සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබා දෙන දීමනාව අඛණ්ඩව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.