Saturday, January 11, 2025

General line - 0115112241

15 හැවිරිදි දැරිය පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලු ක්‍රීඩා උපදේශකට වැඩවරදියි

දිනුක් හේවාවිතාරණ




බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් දුෂණය කරන බව පවසා ව්‍යාපාරික පියෙකුගෙන් රුපියල් මිලියනයක කප්පමක් ඉල්ලු පුද්ගලයෙක් මිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවුරුදු 15 ක් වන මෙම දැරියගේ පෙම්වතා වන 25 හැවිරිදි තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම සැකකරු ද මිගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන ක්‍රීඩා උපදේශකවරයෙක් බවයි වාර්තා වන්නේ.