ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධන පුර රෝහලේදී ඊයේ (30) රාත්‍රියේ ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.
1937 වසරේ අගෝස්තු 30 වැනිදා උපන් රෝයි ද සිල්වා මහතා මියයන විට 80 වැනි වියේ පසුවුණා.
1964 වසරේදී සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රෝයි ද සිල්වා මහතා මෙරට සිනමාවට හාස්‍ය මුසු චිත්‍රපට කලාව හදුන්වාදීමේ පුරෝගාමියෙක් ද වනවා.
ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක් මෙරට සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට සමත් වුනා.
1947 දී තිරගත වූ ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ පළමුවෙනි චිත්‍රපටය වූ " කඩවුණු පොරොන්දුව" 1982 වර්ෂයේදී යලිත් මෙරට සිනමා රසිකයින්ට ඉදිරිපත් කරනු ලබුවේද රෝයි ද සිල්වා ගේ අධ්‍යක්ෂණයෙන්.