ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද (01) මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඊට හේතු දක්වන එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පෙන්වා දුන්නේ "ඉන්ධන මිල වැඩිවීමත් සමග අපි ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා අපි ඉල්ලීම් කළා. මේ වෙනකම් විසඳුමක් ලැබිලා නෑ. ඒ හේතුව නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි එළඹෙනවා. මේ නිසා මහජනතාව සමහරවිය අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. තෙල් ලැබීම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ වගකීම ඇමතිතුමා භාර ගන්න ඕනේ" යනුවෙනි.