අද (01) පෙරවරු 11.20ට පමණ දෝහා කටාර් සිට ගුවන් යානයකින් මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කොකේන් රැගෙන එන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන් තොටුපළ ඒකකයට ලද තොරතුරක් මත විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුද කොකේන් ගුලි වශයෙන් ගිල ඇති බව අනාවරණය වී තිබෙනවා.
පසුව සැකකරු ගිලින ලද කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි 05ත් පොලිස් භාරයේ සිටියදී පිටතට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වූ බ්‍රසීල් ජාතිකයෙක්. සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඊයේ (30) දින අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතික සැකකරු සම්බන්ධයෙන් ද මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර දින 07ක් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
---------------------------------
මිලියන 13ක මත්ද්‍රව්‍ය ගිලලා ඇවිත් (PHOTOS)
(01-07-2018 07:33)
රුපියල් මිලියන 13කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශිකයෙකු වන මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපළ තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.