මෙරට අධිකරණවල විශ්වාසනීයත්වය බිඳ වැටීම හේතුවෙන් පොලීසිය අපරාධකරුවන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මියයන අපරාධකරුවන් පිිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී මාතර ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ සැකකරු වන චාමර ඉන්ද්‍රජිත් නමැත්තා පොලීසියට අත්බෝම්බයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. මෙම සිදුවීම පිටුපසද වෙනත් බලවේගයක් සිටින බවටයි මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවේ.
එහිදී "මාතර සිද්ධියේදීත් මම හිතනවා.. එයාව අරං ගිය පොලිස් නිලධාරීන්ට එයාව මරන්න තරම් උවමනාවක් නෑ කියලා. ඒ සාමාන්‍ය පොලිස් නිලධාරීන්. මේවා පිටිපස්සේ ප්‍රබල බලවේගයන් ඉන්නවා...ඒ අයට බැහැ කියන්න බෑ..ඒකයි. මම දැක්කා ඒ සිද්ධියෙ ආයුධ ප්‍රබල දේශපාලඥයෙකුගේ කියලා.. ඒ ආයුධ මගේ කියලා නාමල් එහෙම කියනවා.. නාමල්ගේ බාප්පා කෙනෙකුත් කියලා තිබුණා මංගල නම් ඕවට අත තියන්නේ නෑ කියලා...ඒගොල්ලොත් දන්නවා කියලා. හතුරොත් දන්නවා..මිතුරොත් දන්නවා.. මට අවිආයුධ කාරයොත් එක්ක මට කිසිම සෙල්ලමක් තිබුණේ නෑ. බැරිම වුණොත් කුරුඳු පොල්ලක් අතට ගත්තා විතරයි..ඒත් ජීවිත ආරක්ෂාවට." යනුවෙන්ද සඳහන් කළා.
පාතාල සාමාජිකයින්ට අවි ආයුධ ලබා දුන් පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මංගල සමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතරදී පැවැති උත්සවයකට එක්වෙමින්.