දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිම පිළිබඳ සාකච්ඡාවක් ලබන 03 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාද සහභාගී වන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සඳහන් කළේ.
අස්ගිරි නාහිමි බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
භික්ෂු විනය පිළිබඳ මහ නායක හිමිවරුන් සහ අනෙක් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.