Friday, January 10, 2025

General line - 0115112241

"පාසල දරුවන්ව අනාගමික පරිසරයකට ගෙන ගිහින්"

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




වර්තමානයේ පාසල්වල ආගමික අධ්‍යාපනය පිිරිහී ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ හංවැල්ල ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය තුළ ආගමික අධ්‍යාපනයක් ලබානොදී දරුවන්ව අනාගමික පරිසරයකට ගෙනගොස් ඇති බවයි.   ආගමික විනය පාසල්වලින් බැහැර කර දේශපාලනික විනය පාසල්තුළට ඇතුළු කර ඇති බවටද සඳහන් කළා. කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු හරහා මෙම ක්‍රියාවලිය සිදුව ඇති බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අද ශ්‍රී ලංකාවේ දඩබ්බර සමාජයක් නිර්මාණය වී ඇති බවද පැවසුවා. මෙය වෙනස් කළ හැක්කේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මනා පසුවිපරමක් සිදු කිරීමෙන් බවද සඳහන් කළා.