Friday, January 10, 2025

General line - 0115112241

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 40ක් මරුට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ උත්තරකන්ද් ප‍්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක්. එය මීටර් 200ක් පමණ ප‍්‍රපාතයකට පෙරළි ඇතැයි පොලිසිය සදහන් කළා. අනතුරෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 12කට අධිකයි.

මේ අතර ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ අද පස්වරුවේ රික්ටර් මාපාංකයේ ඒකක 04ක භූ කම්පනයක් සිදු වුණා. එහි ප‍්‍රභලත්වය දිල්ලි සහ උත්තර් ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට ද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳ  මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.