Saturday, January 11, 2025

General line - 0115112241

ඉන්ධන හිඟයක් නැහැ




ඉන්ධන බෙදා හැරීමේ හෝ ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිදු කරන ප‍්‍රකාශ අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අද  (01)මධ්‍යම රාත‍්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමේ සූදානමත් සමඟ ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් ඇති බවටයි ප‍්‍රකාශ වී තිබුණේ. එහෙත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ සියලූම පිරවුම්හල්වල අවශ්‍ය තොග පවතින බවයි.