Friday, January 10, 2025

General line - 0115112241

ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ- ඇමති ෆවුසි කියයි

දිල්ශාන් තුෂාර / හරිත පෙරේරා




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සිදු කළ අනාවරණය පිළිබඳ මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි කතා බහක් මතුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි කොළඹ අද (01) පැවති උත්සවයකින් අනතුරුව පළ කළේ මෙවන් අදහසක්. 

" හැමදාම චෝදනාවන ඉදිරිපත්  කරනවා, අද වනතුරු කිසිම නඩුවක් පවරලා නැහැ. දැන් වසර තුනහමාරක් වෙනවා. නමුත් අපි කිසිම දෙයක් රට වෙනුවෙන් කරලා නැහැ. රජයක් ලෙසට ජනතාවට දෙයක් කරලා නැහැ. ඒ ගැන කණගාටුයි. රටේ දියුණුව සඳහා අපි කිසිම දෙයක් කරලා නැහැ. ජනතාවගේ බලාපොරොත්තු ඉටුවී නැහැ" යනුවෙන් මෙහිදී ඇමතිවරයා පවසා සිටියා.

විදෙස් රටවලින් ලැබෙන මුදල් මත සිදු වන ක‍්‍රියා පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර අද හෙළිකරනු ලැබුවා. ඒ අමෙරිකාවෙත් නැති මාධ්‍ය නිදහසක් අද රට තුල තිබෙන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ගේ විශේෂ ඒකකයක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බව කියා සිටියා. එම ඒකකය රුසියාවේ ආධාර ඇතිව කරගෙන යන බව පැවසූ ඇමතිවරයා ඉදිරියේදී මෙවැනි තවත් දේවල් දැකගත හැකි වේයැයි පැවසුවා. එම ඒකකයේ කාර්ය වී ඇත්තේ ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් මාධ්‍ය හරහා ප්‍රහාර එල්ල කිරීම බවද කියා සිටියා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ තංගල්ල ප‍්‍රදේශයේ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීනයෙන් කිසිදු මුදලක් නොලැබුණු බවයි.