ශ්‍රී ලංකාවට ඉකුත් සමයේ චීනය ලබාදුන් ආධාර පිළිබඳ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (01) අදහස් පළ කළා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ " බොහෝ දෙනා අපට දෝෂාරෝපණය කරනවා චීනෙන් ණය ගත්තා කියලා. නමුත් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා රජය ණය දීලා අද වන විට ඔවුන්ගේ සැලසුම් වලට අනුව අද වන විට ඔවුන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කරන්නට වෙලා තිබෙනවා. ඔවුන් ගේ උපදේශය තමයි කෘෂි කර්මාන්තයට මුල් තැනක් දෙන්න එපා කියන එක. විදේශ උපදේශකයා මත ණය ගන්නට යාමෙන් මෙවැනි තත්ත්වයන් ඇතිවී තිබෙන බවයි".
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ ගලේවෙල අද පැවති එළිය සංවිධානයේ වැඩසටහනකට එක්වෙමින්.