වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලට බියෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විවිධ අණ පනත් සංශෝධනය කළේද ඒ හේතුවෙන් බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.
මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අගමැතිවරයා අස් කරන්න සහයෝගය දෙන්න කියලා ජනාධිපතිවරයා මුලින්ම ඉල්ලා සිටියත් අවසානයේදී එය වෙනස් කර ගත් බව කියා සිටියා.
වත්මන් ආණ්ඩුව සහ පාතාලය අතර ඇති සම්බන්ධය පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා.
මේ රටේ අඩුවෙන්ම මිලදී ගන්න තිබෙන්නේ කුඩු බවයි, මේ කුඩු නිසා රටේ තරුණ පරපුර විනාශ වෙමින් පවතිනවා. රට විනාශයෙන් බේරා ගැනීමට වගකීමක් තිබෙනවා. පසුගිය රජය සමයේ විදෙස් ගතව සිටි පාතාල සාමාජිකයින් දැන් මෙරට ඇවිත් ඉන්නවා. මේ ආණ්ඩුවට රට කරන්න හැකියාවක් නැතැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරත් කියා සිටියා.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල අද (01) පැවති උත්සවයකට එක්වෙමින්.