Saturday, January 11, 2025

General line - 0115112241

මත්තල ගුවන්තොටුපල ගැන අගමැතිගෙන් ඉඟියක්

චන්දන උඩුවාවල




ඉකුත් පාලන සමයේ නොකළ වැඩ කටයුතු රැසක් වත්මන් රජය දෝෂාරෝපණ මධ්‍යයේ හෝ ඉටු කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, මහනුවර දී අද (01) පැවති උත්සවයකට එක්වෙමින්.

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ජනතාවට භුමියේ අයිතිය ලබා දෙන්න කටයුතු කරනවා. වතුකම්කරුවන්ට පර්චස් 07 ක් සහ ගම්වැසියන්ට ඔවුන්ගේ ගම්වල ඉඩම් අයිතිය ලබාදෙනවා. මේ ගැන තමන්ට දෝෂාරෝපණ එල්ල වනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට කරන්න බැරිවුනු දේයි දැන් මේ කරමින් ඉන්නේ, ඒ නිසා මට බැනලා වැඩක් නැහැ. අමාරුකම් මධ්‍යයේ ජනතාවට සහන සපයන බවද මෙහිදී අගමැතිවරයා කියා සිටියා.

මත්තල ගුවන් තොටුපල සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
මේ වසර අවසානයේ ඉදලා මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම මහනුවර නගරයේ "නයිට් රේස් " පැදීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද අගමැතිවරයා පවසා සිටියා. පළමු වසර තුනහාමාර තුල විවේචන මධ්‍යයේ රට ඉදිරියට රැගෙන ආ බවත් කිසිදු අවස්ථාවක තමන් බොරු නොකියූ බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටියා.

වතු කම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප‍්‍රදානය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.