කොකේන් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයින් දෙදෙනා ගේ උදරයේ තිබු කොකේන් අඩංගු ගුලි 103 ක් එලියට ගැනීමට මිගමුව රෝහලේ වෛද්‍යවරුන් අද සවස් වන විට සමත්වූ බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරනවා.
මෙලස එලියට ගත් කොකේන් වල මුළු බර ග්‍රෑම් 900ක් බවත් එහි මුළු වටිනාකම රුපියල් 230,0000 ක් බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් මත්ද්‍රවය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියා.
කොකේන් ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයින් දෙදෙනා ඊයේ (30) සහ අද (01) දිනයේදී දෝහා සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ යානා වලින් කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබුනා.