Wednesday, May 1, 2024

General line - 0115112241

සීගිරි ගලේ පාෂාණ දියවීමෙන් රැක ගැනීමට විශාල ව්‍යාපෘතියක් (PHOTOS)

කාංචන ආරියදාස




ලෝක උරුමයක් ලෙස සැලකෙන ඓතිහාසික සීගිරි ගලේ ආරක්ෂාව සඳහා සහ සීගිරි ගල තරණය කරන ජනතාවට පහසුකම් සැපයීම සඳහා වසර ගණනාවක සිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් අති විශාල සේවාවක් සිදු කොට තිබෙන බවත් මේ දිනවල සීගිරි ගලේ ගිලිහී යන පාෂාණ  කොටස් සවි කිරීමේ විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සභාපති අසේල ඉද්දවෙල පෙන්වා දෙනවා.

සීගිරිය ගලේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විසි වසරක් පුරාවට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා.

ඒ අනුව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වූවද සීගිරි ගලේ ගිලිහී යන ගල් කොටස් නැවත සීගිරි ගලට සවිකිරීම, සීගිරි ගලට නැඟීමට ඇති සුදු යකඩ පඩිපෙළ සීගිරියේ බිතුසිතුවම් ඇති ස්ථානයේ ඉඩ වැඩි කරමින් අලුතින් වේදිකාව ඉදිකිරිම, කැටපත් පවුරේ පිටත බිත්තියේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදි කළ සුවිශේෂී වූ පාලම ඉදිකිරිම, කටාරම් එකට සම්බන්ධ කරමින් ජලය පහළට ගලා ඒම නැවතීම සඳහා සාදන ලද සුදුයකඩ පීල්ල  ඉදිකිරිම, ප්‍රතිසංස්කරණවලට අවැසි පහල සිට ඉහලට ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනයාම සඳහා සීගිරියේ බටහිර දෙසින් නිර්මාණය කළ සෝපානය ඉදිකිරීම, ආදී විශාල ඉදිකිරීම් රැසක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් සිදුකොට ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යාඥ උදය ද සිල්වා මෙහිදී පැවසුවේ.

එමෙන්ම සීගිරි ගලේ පාෂාණ දියවීම සමග සිදුවන විවිධ ගල් කොටස් කැඩී යාම මේ දිනවල සිදුවන අතර ඒවා ඉතා සූක්ෂම ලෙස  ආරක්ෂා කිරීම මගින්  නැවත ගලට බද්ධ කිරීම මෙන්ම සීගිරි ගලේ පවතින අනවශ්‍ය ගස් ඉවත් කොට එම ස්ථාන සුරක්ෂිත කිරීම සිදුකරමින් පවතිනවා.