Saturday, January 11, 2025

General line - 0115112241

දුම්රිය මැදිරි තුළ අද සිට අලුත් ආරක්ෂකයින් - වැරදි කළොත් දැඩි දඬුවම්




කෝටි ගණන් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අවධාරණය කරනවා.

විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදාගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන්වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකර ගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට අදාළව සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළා. 

වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතර මේ වන විට දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කොට ධාවනය සඳහා යොදා තිබෙනවා.