Saturday, January 11, 2025

General line - 0115112241

දැරිය ඇඳ සිටි බවට සැක කෙරෙන ඇඳුම් පඳුරක් අසළින් සොයා ගැනේ (PHOTOS)

මාධව කුලසූරිය




යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇඳගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑබද ප්‍රදේශයක තිබි ඊයේ (01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ දැරිය ඝාතනයට ලක්වු ස්ථානයට මීටර 500 ක පමණ දුරක පදුරක් අසළ තිබි දැරිය ඇඳ සිටි යට ඇදුමක කොටස් යැයි සැක කරන කොටස් කිහිපයක් එලෙස සොයාගත් බවයි.

දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි දැරියගේ බාප්පා කෙනෙකු හා වයස අවුරුදු 18 ක් හා 17 ක් වන මාමාවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ඉකුත් 26 වැනිදා සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වී තිබෙනවා.

පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි  ඉකුත් 25 වැනිදා සවස සොයා ගැණුනා.

පොලිසිය පැවසූවේ දැරිය 25 වැනිදා පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි. කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ ඇය ඉගෙනුම ලැබුවා.