අනුරාධපුර තලාව ප්රදේශයේ පිහිටි රාජ්ය බැංකුවක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කිසියම් පිරිසක් බැංකුවේ ප්රධාන දොරටුව කඩා ඇතුළු වී සේප්පු 03ක් බිඳ ස්වර්ණාභරණ සහ මුදල් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
බැංකුවේ සිටි ආරක්ෂක නිලධාරියා ඊයේ (01) පස්වරු 06.45ට පමණ බැංකුව වසා දමා එහි යතුර පොලිසියට භාරදී තිබෙනවා.
අද උදෑසන 07.10ට පමණ පැමිණ බැංකුව විවෘත කිරීමට ඔහු උත්සහ දැරූ අවස්ථාවේ කොල්ලය පිළිබඳ තොරතුරු දැනගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.