යාපනයේ මනිපායි ප්රදේශයේ නිවසකට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කළ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ආවා කල්ලියට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
නිවසේ සිටි පිරිසටද ඔවුන් කඩුවලින් පහර දී තිබුණා. එම නිවසේ සිටින පිරිස මීට පෙර ආවා කල්ලිය සමග සබඳතා පවත්වා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් ආවා කල්ලියෙන් වෙන්ව ධනුරොක් කල්ලිය සමග සබඳතා පැවැත්වීම මෙම ප්රහාරයට හේතුවී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තුන්දෙනා රැඳවා ගෙන ප්රශ්ණ කිරීම් සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.