Saturday, January 11, 2025

General line - 0115112241

බ්‍රසීලයේ සිට පැමිණි දෙදෙනාගෙන් මිලියන 48ක් වටිනා කොකේන් එලියට

ටි.කේ.ජි. කපිල-කටුනායක




රුපියල් හාර කෝටි අසූපන් ලක්ෂයක් (4,85,00,000) වටිනා කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම් 950ක බරෙන් යුත් කොකේන් ගුලි 163 ක් අද (02) සවස 3.00 වන විට අත් අඩංගුවට ගෙන සිටින බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගේ උදරයෙන් එළියට ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් සමත් වී ඇති බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කර සිටිනවා.

පසුගිය 30 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූ 30 හැවිරිදි පළමු බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 91 ක් සහ ඉකුත් ඉරිදා අත්අඩංගුවට ගනු ලැබූ දෙවැනි සැකකරු වන  24 හැවිරිදි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 72 ක් පිටතට ගැනීමට මිගමුව රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. 

මෙම සැකකරුවන් දෙදෙනා දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එහිදී රේගු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දුන්නා.