අනුරාධපුර තලාවේ රාජ්‍ය බැංකුවක අද සිදුවූ කොල්ලය සිදුවී පැය 24ක් ගතවීමටත් පෙර බත්තරමුල්ල කොස්වත්ත ප‍්‍රදේශයේදී අද (02) පස්වරුවේ තවත් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලයක් සිදුව තිබෙනවා. ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුලූ වූ කොල්ලකරුවන් පිරිසක් මුදල් සහ රන් භාණ්ඩ සොරා ගෙන නිවසේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකින් පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. අදාළ මෝටර් රථය ඇහැළියගොඩ උඩුපිල ප‍්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.
මේ අතර අනුරාධපුර තලාවේ රාජ්‍ය බැංකුවකට ඇතුලූ වූ කොල්ලකරුවන් එහි තිබූ රුපියල් හත් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කොල්ල කා පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කොල්ලකරුවන් විසින් එක් කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් ද සොරා ගෙන තිබෙනවා. සැකකරුවන් සොයා බුද්ධි අංශ ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.