හම්බන්තොට වරාය පිළිබඳ විගණනයක් කරන ලෙස පාර්ලිමේන්තුව ඉල්ලීමක් කළහොත් ඒ සඳහා වාර්තාවක් සැකසිය හැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින්.
ලබන 05 වනදා විවාදයට ගැනෙන විගණන පනත පිළිබඳවද විගණකාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
රටේ වැදගත් පනතක් වන විගණන පනත සංශෝධන ගණනාවකට පසුව ලබන 05 වනදා මෙම පණත සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිත බවත් එදිනට හෝ එම පනත සම්මත කර ගැනීමට හැකිවෙතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසූ විගණකාධිපතිවරයා රය රට වෙනුවෙන් ඉදිරියේදී යහපත් දෙයක් කළ හැකි බවයි පැවසුවේ. එමෙන්ම රටේ මුල්‍ය විනය පිරිහීම හේතුවෙන් මෙම පනත බලාත්මක වීම වැදගත් බවයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.