Saturday, January 11, 2025

General line - 0115112241

ශී‍්‍ර ලන්කන් - ඛණිජ තෙල්, හිග මුදල් අවුල ජනපති ලඟට

කසුන් කැලුම්




ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගම අතර මතුව ඇති හිග මුදල් අර්බුධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට දැඩි උත්සහයක් ගන්නා බව විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
 
ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුළු මුදල රුපියල් බිලියන 12ක්. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යූරෝ 4 නව ඉන්ධන වර්ගය වෙළඳපලට හඳුන්වාදීමේ අද (02) පැවැති උත්සවයට එක්වෙමින්. මෙම නව ඉන්ධන වර්ගයේ ඇති විශේෂත්වයන් පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මෙලෙස අදහස් දැක්වූවා.