Sunday, May 5, 2024

General line - 0115112241

නිව්යෝර්ක් ටයිම්ස් අපහාසයට එරෙහිව හිටපු ජනපති නඩු මගට

කසුන් කැලුම්




නිව් යොර්ක් ටයිම්ස් පුවත්පත පළ කළ අසත්‍ය කරුණුවලින් තමන්ට සිදුවූ අපහාසයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල පැවැති රැස්වීමකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

තමන් හා පක්ෂයෙන් නිවී යෝර්ක් පුවත්පතට එරෙහිව එන්තරවාසි යැවීමට කටයුතු කරන බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. තමන්ට හෝ තම පවුලේ අයට එරෙහිව පහර ගැසීමෙන් ප්‍රශ්න විසඳීමට නොහැකි බවයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 

ආන්දෝලනාත්මක ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව පිළිබඳ අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදිද අදහස් පළ වුණා. අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ  නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ වැනි පුවතක් පලකිරීමට කලින් ඒ පිලිබඳ තොරතුරු ඔවුන් සතුවන්න ඇති බවයි.  

පොලිසිය පරීක්ෂණ කිරීමේදී ඒ පිලිබඳව මාධ්‍යට හෝ දේශපාලකයින්ට කීමට අවශ්‍ය නැහැ.  චීන තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති බවත් එහි මෙම මුදල් ලබා නොදුන් බවට කිසිදු සදහනක් වී නැති බව කී ඇමතිවරයා ඔවුන් එසේ ඒ පිළිබඳව සදහන් නොකළේ එවැනි මුදල් ගනුදෙනුවක් සිදුවූ නිසා වෙන්ද කියා යන සැකය දැන් අපට මතුවී තිබෙනවා යනුවෙන් 

අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ මෙම වාර්තාවට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපිය සඳහා රහස් පොලිසියේ සහය ලැබී ඇති බවත් ඒ නිසා නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේ.