Sunday, May 5, 2024

General line - 0115112241

ගෝඨාභය දේශපාලනයට එන දිනය ගැන ජී එල් ගෙන් ඉගියක්

කසුන් කැලුම්




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඍජුව දේශපාලනයට සම්බන්ධ වීමට කාලය එළඹ ඇති බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඉදිරි දින කිහිපය තුල පක්ෂ කාර්යාලයට පැමිනෙන ලෙස ගෝඨාභය රාජපක්ෂට ඇරයුම් කරන බවයි. එමෙන්ම මේ වන විට හිටපු ආරක්ෂක ලේකම්වරයා රටේ විද්වතුන් සමග වෘත්තිකයින් සමග සමීප සම්බන්ධකමක් ඇති කරගෙන සිය වැඩකටයුතු ඉදිරියට කරගෙන යන බව පැවසූ මන්ත්‍රිවරයා දැන් සෘජු දේශපාලනයේ යෙදීමට ඔහුට කාලය එළැඹ ඇති බව කියා සිටියා. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා කාර්යාලයට පැමිණෙන දිනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ ද  පක්ෂ කාර්යාලයට පැමිණෙන බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.