Sunday, May 5, 2024

General line - 0115112241

එල් ටී ටී ඊ ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලාගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (02) ප‍්‍රකාශ කළා. ඒ, යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති නිල මෙහෙවර වැඩසටහනට එක්වෙමින්. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය පක්ෂය පිළීබඳ කටයුතු කරනවා මිස සිය ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවයි. 

යාපනයේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කියා සිටියේ අද තත්ත්වය මත එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවයි. නිදහසේ ජීවත් වීමට මෙන්ම සිය ළමුන් ආරක්ෂිතව පාසල් ගොස් පැමිණීමට නම් යළිත් උතුරු නැගෙනහිර තුළ එල් ටී ටී ඊ සංවිධානය අත එසවිය යුතුයි. 

ගතවූ වසර 03දී උතුරේ සිදුවූ සංවර්ධනය පිළිබඳ සෑහීමට පත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප‍්‍රකාශ කළේ. කෙසේ වෙතත් සිය ජනතාවගේ ඉඩම් නිදහස් කිරිම පිළිබඳ වත්මන් රජයට තමන් ස්තූතිය කළ කරන බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙහිදී සඳහන් කළා. 

යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති මෙම වැඩසටහනට තිලක් මාරපන, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ද එක්ව සිටියා.