Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක ශුරතා තරගයක් අතරවාරයේදී ක්‍රීඩා පිටියේ ගුටි කෙලියක් (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර පැසි පන්දු ලෝක ශුරත තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් අතරවාරයේදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට ජාත්‍යන්තර පැසි පන්දු සම්මේලනය තීරණය කොට තිබෙනවා.

පිලිපීන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පිලිපීනයේ මැනිලා අගනුවරදී ඊයේ (02) පැවති එම තරගයේ තෙවන අර්ධයේදී මෙම ගැටුම ඇති වුනා. එම ගැටුම හේතුවෙන් දෙපිලේම ක්‍රීඩකයින් අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවූ අතර අවසානයේදී තත්ත්වය පාලනය කර ගැනීමට ආරක්ෂක අංශ වලට අමතරව දෙපිලේ ක්‍රීඩා නිළධාරීන්ට පවා මැදිහත් වීමට සිදුවිය.

එම ගැටුමෙන් අනතුරුව යලි තරගය පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ගැටුමට මැදිහත්වූ පිලිපීන ක්‍රීඩකයින් 09 දෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 4 දෙනෙක් තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

මේ හේතුවෙන් අවසානයේදී පිලිපීන පැසි පන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් 03 දෙනෙක් පමණක් ක්‍රීඩා පිටියේ ඉතිරිවී සිටියා.

තරගය ලකුණු 89-53 ක් වශයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා. තරගයෙන් අනතරුව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු පැසිපන්දු සම්මේලනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ජාත්‍යන්තර පැසි පන්දු සම්මේලනය තීරණය කර ඇත්තේ ස්වාධින පරීක්ෂණයකින් අනතුරුව වැරදිකරුවන්ට එරෙහිව විනය පියවර ගැනීමට බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

ගැටුමේ වීඩියෝව මෙතැනින් නරඹන්න