දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඞීයාම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට යථාතත්ත්වයට පත්ව තිබෙනවා.
කැඞී ගිය රේල් පීල්ල කඩිනමින් අලූත් වැඩියා කළ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. කෙසේ වෙතත් පැවති බාධා හේතුවෙන් අද (03) පෙරවරුවේ පැයකට ආසන්න කාලයක් දුම්රිය ප‍්‍රමාද වුණා.
-------------------------------
කැළණිවැලි දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩෙයි
(03-07-2018 08:10)
කැළණිවැලි දුම්රිය මාර්ගයේ මේ වන විට දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
මහරගම සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
කෙසේවෙතත් එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවත් සඳහන්.