ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහැරට එක්වන නර්තන ශිල්පීන් පළමුව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා කටයුතු කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඒ පිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ නර්තන කලාවේ නියැලෙන සියලු කලාකරුවන් ඔවුන්ගේ කලා කුසලතාවයන් සහ දක්ෂතාවයන් අනුව ශ්‍රේණිගත කිරීමක් සිදු කළ බවත් එහිදී ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් සොයා බලා අවශ්‍ය අයට වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළ බවයි.
ඓතිහාසික මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය ලබන මස 12 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. කප් සිටුවීමේ චාරිත්‍රය පළමුව ඉටු කෙරෙනවා. පෙරහැර මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් ලෙස පවත්වන බවයි ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වැඩිදුරටත් පැවසුවේ.
අගෝස්තු 12 වැනි දින සිට අගෝස්තු මස 16 වැනි දින දක්වා සිව් මහා දේවාලයන් හී අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වෙන අතර පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 16 වැනි දින වීථි සංචාරය කිරීමට නියමිතයි. එමෙන්ම අගෝස්තු මස 25 වැනි දින පෝය දිනයේදී අවසාන රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන අතර අගෝස්තු මස 26 වැනි දින දිය කැපීමේ මංගල්‍ය අවසන් කොට දිවා පෙරහැර ගෙවැදීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසාන වනවා.