ලබන වසරේ රජයේ නිවාඩු දින සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වනවා. සමාජ මාධ්‍ය හරහා පළ වන ඇතැම් අදහස්වල දැක්වෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී ඇති රජයේ නිවාඩු දින වෙනුවට වෙනත් දිනවල නිවාඩු ලබාදිය යුතු බවයි.
ලබන වසරේ රජයේ නිවාඩු දින ඉකුත්දා ගැසට් පත‍්‍රයේ පළ කෙරුණා. ඊට අනුව ලබන වසරට යෙදී ඇති මුළු රජයේ නිවාඩු දින ගණන 25ක්. ඒවායෙන් 09ක් සෙනසුරාදා සහ ඉරිදා දිනවලට යෙදී තිබෙනවා. සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් නියමිත නිවාඩු දින දෙක සහ වෙසක් පොහොය වෙනුවෙන් නියමිත නිවාඩු දින දෙකද යෙදී ඇත්තේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලටයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ ගැසට් නිවේදනය තවදුරටත් අධ්‍යයනය කර සුදුසු පියවරක් ගන්නා බවයි.